Type Here to Get Search Results !

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු නැතහොත් 'ටීචර් අම්මා' ගෙන් පහර කෑ බව පවසන තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු පෙත්සම යොමු කර ඇත්තේ මෙම ගුරුවරිය කළ පැමිණිල්ලක් මත තමන්ව කටාන පොලීසියෙන් අත්අඩංගුවට ගැනීම මඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

අඳාළ පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙසට දින නියම කර ඇති බව පවසයි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

අඳාළ පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් පෙත්සම්කාර තරුණයා කියා ඇත්තේ එම ගුරුවරියගේ හිමිකාරීත්වය තිබෙන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියෙක් සේ තමන් සේවය කළ බවයි.

එහිදී පරිගණක පුහුණුවක් දෙන ලෙස පවසා තරුණියක් අඳාළ පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය තමාට භාරදුන් බවත් පෙත්සම්කරු කියා ඇත.

එසේ පරිගණක පුහුණුව ලබාදෙන අතරතුර පහුගිය මැයි මස 6 වනදා එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, මුහුණු පොතේ පළකර ඇති කමෙන්ටුවක් සම්බන්ධයෙන් අසමින් තමාට පයින් පහර දුන් බව ද පවසා ඇත.

අනතුරුව තවත් පිරිසක් හා එකතුව තමාට අමානුෂික ලෙස පහර දුන් බවටද මෙහිදී පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.

ඉන්පසු අදාළ තරුණියගේ දෙමව්පියන් ගෙන්වා ඇයට ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය චෝදනාවක් ඇය විසින් එල්ල කළ බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම ආයතනයේ හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් නිසා පහරදීමෙන් රෝහල්ගතව සිටි තමන්ව පහුගිය මැයි මස 14 වනදා කටාන පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් එහිදී පැය 48ක් යනතුරු තමාව පොලීසිය අධිකරණයට ඉදිරිපත් නොකළ බවත් පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.

මෙසේ සාධාරණ හේතුවක් නැතිව අත්අඩංගුවට ගෙන අනීතික ආකාරයට රඳවා ගැනීමෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ සඳහා අධිකරණයට සුදුසු යැයි හැඟෙන වන්දියක් දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads