සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජාතික ජනබලවේගය පක්ෂය පළමු වතාවට බලය හොබවන බියගම ප්‍රාදේශීය සභාව මඟින් පහළ බියන්විල මාර්ගය කොන්ක්‍රීට් අතුරා පිළිසකර කර ඇති නමුත්, එම මාර්ගයේ විදුලි පහන් කණු මාර්ගයට මැදිවන ආකරයට ඉදිකර තිබීම හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් උද්ගතව ඇති බවට වාර්තා වේ.
ජාතික ජනබලවේගය සිය කාර්‍යක්ශම මහජන සේවය තහවුරු කිරීමක් බව පවසමින් කඩිනමින් එහි කටයුතු අවසන් කර ඇතත් මාර්ග අලුත්වැඩියාවේදී, මාර්ගය පුළුල් කිරීමේදී හෝ සැලසුම් කිරීමේදී මෙම විදුලි කණු ඉවත් කිරීමට හෝ වෙනත් සුදුසු ස්ථානයක සවිකිරීමට කටයුතු කර නොමැති බව පෙනී යයි.
මේ හේතුවෙන්, විශේෂයෙන් රාත්‍රී කාලයේදී සහ වේගයෙන් ගමන් කරන වාහනවලට මෙම විදුලි කණු මාරකයක් බව ප්‍රදේශවාසීන් පවසයි.
මෙම බලවත් නොසැලකිල්ල සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කනස්සල්ල පළ කරන අතර, වහාම මෙම අනතුරුදායක තත්ත්වය නිවැරදි කිරීමට අදාළ බලධාරීන් පියවර ගත යුතු බව අවධාරණය කරයි.
එසේම ඉක්මන් සේවයක් පෙන්වීමට ගොස්, සාමාන්‍ය දැනුමත් අහිමිකර ගනිමින් සිදුකර ඇති මේ කොන්ක්‍රීට් ඇතිරුම් යලි කඩා ඉවත් කිරීමට සිදුවීම අනිවාර්යයක් වී ඇති බැවින් ඊට යළිත් ධනය වැය කරන්න සිදුව ඇති බවද ඔවුන් සඳහන් කරයි.
කෙසේවෙතත් ඒ සම්බන්ධව මෙවැනි ප්‍රතිචාර දක්වන ප්‍රදේශවාසීන් ද සිටියි.