Type Here to Get Search Results !

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට තවත් රැකියා අවස්ථා? මැලේසියානු අගමැතියි විජිතයි විශේෂ හමුවක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අද (ජුලි 10) විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මැලේසියානු අගමැති ගරු දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා හමුවී තිබේ. මෙම වැදගත් හමුව පිළිබඳව අමාත්‍යවරයා X පණිවිඩයක් මගින් දැනුම් දුන්නේය.

එම විශේෂ සටහන;

“මැලේසියානු අගමැති ගරු දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා අගමැති කාර්යාලයේදී අද (10) හමුවීම ගෞරවයක් විය. 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා මැලේසියාවේ සංචාරයක නිරතව සිටින මා මෙම හමුවට එක්වුණි.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණින්, අන්‍යෝන්‍ය වැදගත් කරුණු පිළිබඳ ඵලදායී සාකච්ඡාවකට අපි එක්වුණෙමු. විශේෂයෙන්, ශ්‍රී ලාංකිකයින්ට මැලේසියාවේ විවිධ අංශවල රැකියා අවස්ථා වැඩි කිරීමට සලකා බලන ලෙස අගමැතිතුමාගෙන් ගෞරවපූර්වක ඉල්ලීමක් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගත්තෙමි.
ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කිරීමට අගමැති අන්වර් ඉබ්‍රාහිම් මහතා බලාපොරොත්තු වන බව ද මෙහිදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමට ගන්නා සෑම ධනාත්මක පියවරකටම තම ආශිර්වාදය හිමිවන බවත් ඔහු අවධාරණය කළේය.”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads