Type Here to Get Search Results !

අලුත් සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න.. උපන්නේ තඹුත්තේගම – බිරිඳ NPP ජාතික ලැයිස්තුවේ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක ගෙන ඇති තීරණය සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති දැඩි කළකිරීමක පසුවෙන බව වාර්තා වෙයි.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා 2025-07-10 දිනට වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙන අතර ඒ අනුව පුරප්පාඩු වන සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨයකු පත්කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කොට තිබේ.

ඒ සම්බන්ධව දෙපාර්තුමේන්තුවේ වෘත්තීය සමිති 11 ක අත්සනින් යුතු ලිඛිත ඉල්ලීමක්ද වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබී ඇත.

කෙසේවෙතත් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානයක මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කැබිනට් අනුමැතිය ගෙන තිබෙණුයේ එකී යෝජනාව කිසිසේත් මායිම් නොකරමින් බව වෘත්තීය සමිති වල අදහස වී තිබේ.

මීට පෙර මෙම තනතුරට පත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වුවත් සුරාබදු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම තනතුර සඳහා පරිබාහිර නිලධාරියෙකු පත් කර ඇති බවයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත්කිරීමට තීන්දු කර ඇති ප්‍රේමරත්න තඹුත්තේගම උපන් අයෙකු වන අතර, ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවේ සිටි ආචාර්ය වසන්තා සුබසිංහ ගේ ස්වාමි පුරුෂයා ද වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads