සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රජයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක ප්‍රධානියා ධුරයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටින බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යාංශය විසින් ලබාදෙන උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම සහ අකාර්යක්ෂමතාව මෙම තීරණයට ප්‍රධාන හේතු වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව දැනටමත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති අතර, අදාළ නිලධාරියා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.
මීට අමතරව, අදාළ නිලධාරියා තම ධුරය යටතේ පවතින ආයතන වෙත යූ ටියුබ් නාළිකාකරුවන් සමගින් ගොස් එහි නිලධාරීන් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවී තිබේ.
මෙම ක්‍රියාව හේතුවෙන් ඔහුට ඉහළින් සිටින අමාත්‍යවරයා ද අපහසුතාවට පත්ව ඇති බවට වාර්තා වේ.
මෙම කරුණු හේතුවෙන් ඔහුට සිය තනතුර අහිමිවීමේ අවදානමක් මතුව ඇත.