Type Here to Get Search Results !

නිධන් කඩා රිමාන්ඩ් වුන කාන්තාවගේ නියෝජ්‍ය පොලිස්පති සැමියා මෙන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පොලිස් නිලධාරීන් ද අපරාධ සඳහා සම්බන්ධ වන බවත් පොලිස් දෙපාර්තමේන්තුව මුලින්ම ප්‍රතිසංවිධානය කළ යුතු බවත් වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා පැය කිහිපයක් ගතවන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක් ඇතුළු අටදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී නිදන් හෑරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිදු වීමට සම්බන්ධ කාන්තාවගේ සැමියා වන නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අපරාධයට සම්බන්ධ දැයි මේ වන විටත් පොලිසිය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද මේ වන විට වාර්තා වුවත් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද යන්න පිළිබඳ මේ දක්වා පොලිසිය විසින් නිලවශයෙන් කරුණු අනාවරණය නොකර වසන් කර තිබීම විමතියට කරුණකි.

ඒ අතරතුර නිදන් හෑරීමේ චෝදනාවට කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධ බව පැවසීමත් සමග පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ යම් ගැටළුවක් නිර්මාණය වී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයට සම්බන්ධව රාජකාරි සිදු කරන නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටීම සහ අදාල සිදුවීමෙන් ඔවුන් සියලුදෙනා සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් ද අපහසුතාවයට පත් වීම හේතුවෙනි.


සැබැවින්ම අදාළ කාන්තාවගේ සැමියා කවුද? ඔහු මෙම අපරාධයට සම්බන්ධ වී තිබේද? මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විශේෂ කරුණු අනාවරණයක් සිදු කර තිබේ.


එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ අදාල කාන්තාවගේ සැමියා නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ මහතා බව පොලිසියේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේම තහවුරු කරගැනීමට හැකි වූ බවයි.


එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ පොලිසියට අයත් රථයක් ද එම ස්ථානයේ ආසන්නයේ තිබී ඇති බවට නිල නොවන තොරතුරු ඔස්සේ දැනගන්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි.


මෙම තත්ත්වය තුළ පොලිසිය විසින් සිදු කළ යුතුව ඇත්තේ මේ පිළිබඳව කරුණු ජනතාවට හෙළි කොට අදාළ පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය රටට හෙළි කිරීම බවත් පොලිස්පතිවරයා වැඩ අරඹමින් සිදු කළ ප්‍රකාශයන් යථාර්ථයක් වන්නේ එවිට බවත් ඔහු පෙන්වා දෙයි.


කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් නම සඳහන් වන පොලිස් නිලධාරියා විනයගරුක නිලධාරියකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැවසෙන පුද්ගලයකු බවත් ඔහුගේ නම මේ සිදුවීම සමඟ සම්බන්ධ වීම විමතියට කරුණක් බව පොලිසියේ ඇතැම් නිලධාරීන් විසින් පවසන බවද මෙම කරුණු අනාවරණයේදී සඳහන් කර තිබීම විශේෂත්වයකි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads