Type Here to Get Search Results !

බන්ධනාගාර රෝහල් ගතකළ රනිල් බලන්න සජිත් යයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙක් අද ( 23) උදෑසන පැමිණ ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මනෝ ගනේෂන්, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් හිටපු ජනාධිපතිවරයා බැලීමට මෙලෙස පැමිණ තිබේ.

ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

හිටපු ජනාධිපතිවරයා රක්ෂිත වන්දනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තීන්දුව ලබාදෙන අවස්ථාව වන විටත් විපක්ෂයේ දේශපාලන නායකයින් හා ක්‍රියාකාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් විශාල පිරිසක් උසාවි භූමියට පැමිණ සිටියහ.

මෙරට ඉතිහාසයේ විවිධ අවස්ථාවල දේශපාලනඥයින් දේශපාලනඥයින් අත්අඩංගුවට අධිකරණ තීන්දු ඔස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත් විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත වූ පළමු අවස්ථාව මෙයවේ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads