Type Here to Get Search Results !

කොළඹ DIG බිරිද නිධානයක් කඩද්දී අල්ලයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ නිදන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳක් ද සිටින බව වාර්තා වේ.

මොවුන් බදුල්ල, මාලිගාතැන්න, පදවි-ශ්‍රීපුර, ගිරාදුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 58 ත් අතර පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සත් දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල රත්තරං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක මෙම පිරිස නිදන් හෑරීම සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads