Type Here to Get Search Results !

ජීප් රියක හැපිලා අඩි දාහක් පල්ලමට පෙරලිලා.. - ඇල්ලේ අනතුර ගැන පොලිස් නිවේදනය මෙන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහිද ගැටී අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරට පත් බස් රථයේ රියදුරු සමඟ බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති අතර මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු මියගොස් ඇත.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 06 ක්, කාන්තාවන් 05 ක්, පිරිමි ළමුන් 03 ක් හා ගැහැණු ළමුන් 02 ක් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරට පත් පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීර දියතලාව, බදුල්ල හා බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුල තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads