Type Here to Get Search Results !

මිද්දෙනියෙන් ගොඩගත් කන්ටේනරය වරායෙන් පන්නා ඇත්තේ රතු ලේබල් කන්ටේනර් 323 පිටකල කාලයේ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හිටපු පොදුජන පෙරමුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට අයත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබී ගොඩගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කරන රසායන ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති දිනව බව පැවසෙව පසුගිය ජනවාරි මාසයේ මෙරට රේගු තදබදයක් තිබූ කාලය බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.


මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා අනුව අදාල රසායන ද්‍රව්‍ය තොග රැගත් කන්ටේනර් රේගුවෙන් නිදහස් කර ඇත්තේ පසුගිය ජනවාරි 26 වෙනිදා බවද හෙතෙම කියා සිටියි.


එම කාලය තුළ රේගු තදබදය මගහැරීමට රතු ලේබල් සහිත බහාලුම් තොගයක් නිදහස් කළ කාලය බවද ඔහු සඳහන් කළේය.


එමෙන්ම එම කාලයේදී මෙරට ලුණු ආනයනය කර තිබූ බවත් ලුණු සහ මෙම රසායන ද්‍රව්‍ය පෙනුමෙන් එක සමාන බවත් ඔහු කියා සිටී.


ඒ අනුව මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇති දැයි විමර්ශකයන් අවධානය යොමු කළ යුතු බවද හෙතෙම කියා සිටී.


සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

වීඩියෝව බලන්න..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads