Type Here to Get Search Results !

බස්, ත්‍රීවීල් තොරොම්බල් කෑලි හෙට සිට ඉවරයි.. සියල්ල සුද්ද කරයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට එරෙහිව හෙට (07) සිට දැඩි ලෙස නීතිය බලාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා නිවේදනය කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා නිකුත් කළ නිවේදනයක් මඟින් ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ප්‍රවාහන රෙගුලාසි යටතේ තහනම් කර ඇති, අධික ශබ්ද විකාශන යන්ත්‍ර සහ විවිධ වර්ණවලින් දිලිසෙන විදුලි පහන් සවිකර ඇති වාහන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි.

ධාවනයට නුසුදුසු තත්වයෙ තිබියදී ධාවනය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශොධිත ප්‍රධාන ප්‍රඥප්තියෙ 146 වන වගන්තිය .]

වර්ණය වෙනස් කිරිම.
[2013 රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 1795/35]

නිවි නවි දැල්වෙන සවිරාම වු විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය.
[මෝටර් වාහන පනතෙ 153(2) වගන්තිය.
2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය .]

වාහනවල නළා භාවිතය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය.
2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 155 වන වගන්තිය .]

මෝටර් වාහන වල ඉදිරියෙ, පිටුපස සහා බඳහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම.
[1996.05.16 දිනැති රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 923/12.]

නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම.
[2009 අංක 08 දරන මෝටර් පනත ( සංශොධිත ) පනතෙහි
5 වන වගන්තියෙ සංශොධිත 2 වන වගන්තිය
9 වන වගන්තියෙ සංශොධිත 10 (2 )වන වගන්තිය]

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads