Type Here to Get Search Results !

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ගැන ඇසෙන අලුත් ආරංචිය..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මඟින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකි වේ.

මෙයට සුදුසුමක් ලබන්නේ අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1985.09.15 සිට 2007.09.14 උපන් අයට) අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, නඩු නිමිත්තක වරදකරුවෙකු වී දඩ මුදල් ගෙවිමක්, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, වර්ණ අන්ධතාවය, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇඟිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින්ය.

විභාග ප්‍රවේශපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, ඉදිරියට අවම මාස 3ක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් ඡායාරූපයක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ.

විභාග ගාස්තුව රු.8,428.40 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වේ. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක www.slbfe.lk හි සඳහන් වේ) මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads