Type Here to Get Search Results !

'ගංජා වැවු ඉඩම නෑනාගේ.. මන්ත්‍රීගේ නොවේ...' මාලිමා මන්ත්‍රීගේ කතාව මෙන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාට අයත් ඉඩමක ගංජා වගා කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා අදහස් පළ කරයි.


ඔහු සඳහන් කරන්නේ තමන්ට එවන් කිසිදු ඉඩමක් නොමැති බවයි.


එමෙන්ම මේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කළ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවද හෙතෙම අදහස සඳහන් කළේය.


මේ අතර වාර්තා වන්නේ අදාල චෝදනා එල් වන ඉඩම මන්ත්‍රීවරයාට අයත් එකක් නොව ඔහුගේ බිරිඳගේ නැගණියට අයත් වන එකක් බවයි.


මන්ත්‍රීවරයාගේ සූරියකන්ද වැලි කුඹුර ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම ඇයට පියා විසින් පවර දී ඇති එකක් වන අතර ඇයද විවාහ වී බදුල්ල ප‍්‍රදේශයේ වාසය කරන්නියකි.


අතහැර දමා තිබූ ආකාරයෙන් පැවති මෙම ඉඩෙම් ගම්වැසි තරුණයන් කිහිපදෙනෙකු විසින් ගංජා පැළ කිහිපයක් වගාකර තිබී ඇත අතර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඒවා බවත් සඳහන් වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads