Type Here to Get Search Results !

සමන්තගේ පොලු පාඩම රටම ඉගෙන ගනී.. කදු පැලුනු තැන්වලට පස් දමා ලී වලින් කොටයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙදළසැල් 7ක් නායයෑමේ අවදානමක් නිසා (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගත් බව බව පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය.


එම වෙළදසැල් එක් වරම පිපිරී ඉරි තැලීම හේතුවෙන් මෙම වෙදළසැල් වසා දැමීමට පියවර ගත් බවත්, පවතින ආපදා තත්ත්වය පිළිබඳ පුස්සැල්ලාව පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වෙළදැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමද පියවර ගැනින.


අයහපත් කාලගුණය නිසා පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටස කදු පන්තියේ පොළොව ඉරිතලා පුපුරා ගොස් නාය යෑමේ අවදානමකට ලක්වී තිබුණි.


පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලේගම වසමෙහි මෙවැන්ම ආකාරයට පුපුරා ඉරි තලා තිබූ ස්ථාන කිහිපයක් ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා එක්ව පස් යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තක්ද (18) දින සිදු කෙරිණ.


- රංජිත් රාජපක්ෂ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads