Type Here to Get Search Results !

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට.. ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අද(22) දින උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද කණ්ඩායමේ නායකයා බව අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.


ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝසල සිල්වා ඉකුත් පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා බවයි.
එසේම කෝසල සිල්වා අම්බලන්ගොඩ ප්‍රදේශයේත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා විසින් පෙන්වා දී ඇත.


ඊට අමතරව මීට සති කිහිපයකට පෙරද අම්බලන්ගොඩ දී සමගි ජන බලවේගයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ විරන්ත වරුෂවිතාන වෙඩි තබා ඝාතනය කළ බවද ෂාන් විජයලාල් ද සිල්වා සඳහන් කළා.


ඔහුද ඉකුත් පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ කණ්ඩායමේ සමගාමී ලැයිස්තුවේ සිටි සාමාජිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads