Type Here to Get Search Results !

ගුටි කෑ නිලධාරියාගේ මුත්‍රාවල ඇල්කොහොල් නෑ.. ලේ පරීක්‍ෂාවකුත් කරයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සහ සූරියකන්ද පොලිසියේ නිලධාරියකු අතර ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.


කොළොන්න පොලිස් වසමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පොලිස් නිලධාරියෙකු අතර ඇති වු සිද්ධියක් සම්බන්ධව.


2025.12.20 වන දින රාත්‍රී 0840 ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරු පැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මඟින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පණිවිඩයක් ලැබී ඇත.


එදින රාත්‍රී 1010 ට පමණ ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ඔහු කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරු පැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගගය අවහිර කර පහරදීමට තැත් කළ බව දන්වා කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇත.


පොලිස් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී කොළොන්න පොලිස් භාරයට ගෙන ඇති අතර නිලධාරියා කොළොන්න රෝහලට ඇතුලත් වීමෙන් පසු ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇත.


කොළොන්න රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බවට සඳහන් වන අතර නිලධාරියාගේ මුත්‍රා සාම්පල් වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය නොමැති බවත් රුධිර සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිතා කර සිට ඇත්ද යන්න පරික්ෂා කිරීම සඳහා රජයේ රස පරික්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.


ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads