Type Here to Get Search Results !

වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැබේ වාන් අරී.. මහවැලි පදිංචිකරුවන්ට ගංවතුර අනතුරු අගවයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහවැලි ගංගාවෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්, වික්ටෝරියා වාන් දොරටු 06 ක් 70cm බැගින් රන්දෙණිගල වාන් දොරටු 02 ක් 2.5m සහ 1m බැගින් රන්ටැබේ වාන් දොරටු 02 ක් 2m සහ 2.5m බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.


එබැවින් මහවැලි ගංගාවෙහි ජල මට්ටම ඉහළ යා හැකි බැවින් මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන මෙන් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.


බෝවතැන්න ජලාශයෙන් වාන් දොරටු වීවෘත කර ජලය මුදා හැරීම නිසා මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු විවෘත කළ හැකියි. එබැවින් අඹන් ගඟ හා මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජනතාව අවධානයෙන් පසුවන ලෙස දැනුම්දෙනු ලැබේ.


ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතී.


එම අවදානම කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල විශේෂයෙන්ම පවතී.


තවද මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතී.


එබැවින්, ඉදිරි දින කිහිපය පසුවනතෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩිවිමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරකෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads