Type Here to Get Search Results !

කන්දේ පැලීම් පස් මිශ්‍රණයකින් වැහුවම අවදානම අඩු වෙනවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

බදුල්ල අළුගොල්ල කන්දේ පුපුරා ගොස් ඇති ස්ථාන යම් මිශ්‍රණයක් යොදා වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන බවත් එමගින් අවදානම් තත්ත්වය අවම කරගත හැකි බවත් වැවිලි ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.


මෙම කන්දේ 1986 වසරේදී ද ‘M’ ආකාරයෙන් පැළුම් කිහිපයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවේ සඳහන් කර ඇති බවද මේ වනවිට නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව ජනතාව කටයුතු කරමින් සිටින බවද හෙතෙම කීවේය.


මෙම කන්දේ පවතින වත්මන් තත්ත්වය අනුව නිවාස 14 කට යම් අවදානමක් පවතින බවත් ලැබී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ හොත් එම අවදානම අවම කරගැනීමේ හැකියාව පවතින බවත් කී ඇමැතිවරයා මෙම ඉරිතැළීම කන්දට පහළින් ජීවත්වන සැමටම අවදානමක් නොවන බවද අනාවරණය කළේය.


තවද බදුල්ල අළුගොල්ල කන්ද ස්ථාන කිහිපයකින් පුපුරා ඇති හෙයින් කන්ද පහළින් ජීවත්වන ගම්මාන කිහිපයක ජනතාව දැඩි භීතියකින් පසුවන බවට පසුගියදා කළ අනාවරණයෙන් පසුව ඇමැති සමන්ත විද්‍යාරත්න, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, උප නගරාධිපති සුජීව පීරිස් ඇතුළු බලධාරීහු එම කඳු මුදුනේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූහ.


අරුණ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads