Type Here to Get Search Results !

ඉරාන නාවික සිරුරු දාන්න කරාපිටියේ ශීතාගාර නෑ.. තම රටට බාර දෙන්නැයි ඉරානය කියයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ‘IRIS Dena’ නමැති ඉරාන නාවික හමුදා නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු, අවසන් කටයුතු සඳහා යළි තම රටට භාර දෙන ලෙස ඉරාන බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

අදාළ ප්‍රහාරයෙන් මියගිය නාවිකයින් 90 දෙනෙකුගේ පමණ සිරුරු මේ වන විට ගාලු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, එම සිරුරු ඉරානය වෙත ගෙන යන තෙක් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, මියගිය පිරිසගේ සිරුරු යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉරානය ඉල්ලීම් කර ඇති නමුත් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කටයුතු වහාම ක්‍රියාත්මක කිරීමට බාධා පවතින බවයි.

"ඊයේ රාත්‍රිය වන විට සිරුරු 90 කට ආසන්න සංඛ්‍යාවක් කරාපිටිය රෝහලට ලැබී තිබෙනවා. මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකියි. දැනට පවතින සම්මත නීතිමය ක්‍රියා පටිපාටියට අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන අතර, ඉදිරි පියවර සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එක්වරම මෙවැනි විශාල සිරුරු සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන් ඒවා දිගුකාලීනව තැන්පත් කර තැබීමට ප්‍රමාණවත් ශීතකරණ පහසුකම් කරාපිටිය රෝහලේ නොමැති බවත්, ඒ වෙනුවෙන් අමතර ශීතකරණ ඒකක මිලදී ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අලුයම 5.08 ට පමණ මෙම නෞකාව ප්‍රහාරයට ලක්ව ඇති අතර, එම අවස්ථාවේදී පුද්ගලයින් 180 දෙනෙකු පමණ නෞකාවේ සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ජාත්‍යන්තර සමුද්‍රීය ගිවිසුම්වලට අනුව ශ්‍රී ලංකාව විසින් වහාම සෝදිසි කිරීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, එහිදී දිවි බේරාගත් පුද්ගලයින් 32 නෙකු නාවික හමුදාව විසින් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කරාපිටිය ශික්ෂණ රෝහල අවට ආරක්ෂාව දැඩි කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads