Type Here to Get Search Results !

ඇමති කුමාර ජයකොඩි නිසා ආණ්ඩුවේ බෙදිල්ලක්.. අදම ඉල්ලා අස්වැන්නැයි බලපෑම්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව සහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අල්ලස් නඩුව යන කාරණා දෙකම පදනම් කරගනිමින්, බලශක්ති ඇමති කුමාර ජයකොඩි ට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාව මගින් ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බරපතළ අක්‍රමිකතා රැසක් හෙළිදරව්වීමත් සමඟ මෙම බලපෑම් තීව්‍රව ඇති බවද වාර්තා වෙයි.


විශේෂයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ගල්අඟුරු ප්‍රසම්පාදනය සාධාරණීකරණය කර තිබියදී, විගණන වාර්තාවෙන් එය බොරු බව ඔප්පු වීම නිසා ආණ්ඩුව අභ්‍යන්තර කුලල්කා ගැනීම් ඔඩුදුවා තිබේ.
කුමාර ජයකොඩි අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට යෝජනා කරන පාර්ශ්ව පවසන්නේ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) විවාදයට ගැනීමට පෙර එය සිදුවිය යුතු බවත්, විශ්වාසභංග යෝජනාව පරාජය කළ හැකි වුවද විවාදයේදී ආණ්ඩුවට සිදුවන හානිය ඊට වඩා බරපතල බවයි.


මෙම තත්ත්වය හමුවේ අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරි පැය කිහිපය තුළ ලබාදෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සැක පළ කරයි. එහෙත් ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශ්වයේ අදහස විපක්ෂයේ චෝදනා පදනම් කරගෙන, අමාත්‍යවරුන් ඉල්ලා අස්නොවිය යුතු බව යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


කෙසේ වෙතත් තවමත් ගනුලබන තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයේ පොදු එකඟතාවක් නොමැති බවද වාර්තා වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads