Type Here to Get Search Results !

මෙන්න තවත් ප්‍රබලයෙක් ප්‍රබල තීන්දුවක් ගනී.. රත්න ශ්‍රී විජේසිංහ ඉල්ලා අස්වේ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැනටමත් බලධාරීන් වෙත යොමු කර ඇති අතර, එම ඉල්ලා අස්වීම ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව, සිය භාරයේ පවතින නිල ලේඛන සහ දේපළ මණ්ඩලය වෙත නිල වශයෙන් භාරදීම සඳහා (30) දිනයේ ඔහු කාර්යාලය වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය 2024 වසරේ දෙසැම්බර් මස 16 වැනිදා රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙම ධුරය සඳහා පත් කරන ලදී. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ප්‍රකට කිවිවරයෙකු සහ ගේය පද රචකයෙකු වන විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads