Type Here to Get Search Results !

අපිව එළවන්න හදන්නේ ඇයි.. අපි කොච්චර වැඩ කරනවද බලන්න..- සරත්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්මන් රජය කෙටි කාලයක් තුළ ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකර ඇති පසුබිමක, රජය බලයෙන් පහ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ මන්දැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රශ්න කරයි. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, "උඩ ඉන්න කට්ටිය දඟලන්නේ ඇයි කියලා දන්නවද? අර කකුළුවා දියකෙළි ගහන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100ට වතුර රත් වෙනකම් විතරයි. දැන් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැමෝගෙම වැරදි දැන් අහුවෙලා තියෙන්නේ" යැයි පැවසීය.


ගොවීන් පාරට බැස රජයට එරෙහිව විරෝධය පෑම අනවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, රජය ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව මැනවින් දැනුවත් බව සඳහන් කළේය.


"අපි දන්නවා අද වී කිලෝව රුපියල් 95ට, 100ට යන එක අසාධාරණයි කියලා. ඒක 120ක් වෙන්න ඕනේ. හැබැයි රජය වී මිලදී ගත්තත් ඒවා කොටන්න රජයට මෝල් නැහැ. ඉතින් අපි එකපාරටම මෝල් මවන්නද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.


රටේ පවතින ප්‍රශ්න විසඳා රට ගොඩනැගීම සඳහා ජනතාව රජයට ලබාදුන් වසර පහක කාලය ඉවසීමෙන් බලා සිටින ලෙස ඔහු ඉල්ලා සිටියේය. "අපි ඔබලා වෙනුවෙන් වැඩ කරනවා. අපිට කාලය දෙන්න. අපි මේ රට හදනවා" යැයි ද ඔහු අවධාරණය කළේය.


තමන් කිසිසේත්ම ධනපති පන්තිය නියෝජනය කරන්නෙකු නොවන බවත්, තමන් සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි අයෙකු බවත් ටී.බී. සරත් මහතා මෙහිදී සිහිපත් කළේය.


"ටී.බී. සරත් ගෙදර යන්නේ මේ පන්තියේ මිනිහෙක් පාර්ලිමේන්තුවට යවලා මිසක්, ධනපති පන්තියේ මිනිහෙක් පාර්ලිමේන්තුවට යවලා නෙවෙයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


රජය පෙරළීමට උත්සාහ කරන පිරිස්වල සැබෑ අරමුණ ජනතා සේවය නොව, තමන්ගේ වරප්‍රසාද රැක ගැනීම බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads