Type Here to Get Search Results !

සමන්ත හැකි නම් මා සමග ඌව මහ ඇමති සටනට එනු.. ආණ්ඩුවට චාමර සම්පත්ගෙන් අභියෝගයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ නඩු කිහිපයක් ගොනුකර තමන් බන්ධනාගාරයේ තැබීමට ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ ආණ්ඩුව දෙකයි පනහේ වැඩක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

එම මැතිවරණය අවස්ථාවේ තමා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදිණි නම් ආණ්ඩුවට ඌව පළාතේ කිසිදු පළාත් පාලන ආයතනයක තනිවම බලය පිහිටුවීමට ඉඩ නොලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රතිවිරුද්ධ පක්ෂවල නායකයන් සිරගත කර ඡන්ද පැවැත්වීමේ පහත් දේශපාලනයක් තමන් කිසිදා නොකළ බවත් හැකි නම් මුහුණට මුහුණ දේශපාලන පිටියේ හැප්පෙන ලෙස සමන්ත විද්‍යාරත්නට අභියෝග කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මේ අවස්ථාවේ සමන්ත විද්‍යාරත්නලාට 2/3ක බලයක් ඇති ආණ්ඩුවක් ඇති බවත් හැකි නම් පාර්ලමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාව සඳහා තමන් සමග තරඟ කිරීමට එන ලෙස ඔහුට අභියෝග කරන බවත් චාමර සම්පත් දසානායක අවධාරණය කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads