Type Here to Get Search Results !

අපි ආර්ථිකය හදපු නිසා ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට ආවා විදේශ ආයෝජකයින්ගේත් විශ්වාසය වැඩිවෙලා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අමෙරිකාවේ S&P (Standard & Poor's) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ආයෝජක විශ්වාසය තහවුරු කරන 'හුවමාරු සහ පරිවර්තන දර්ශකය'ට අනුව ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ.

ඒ අනුව මෙරට පැවති 'CCC+' ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට පැමිණ ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

විදේශීය ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඉන් උපයන ලාභය නැවත සිය රට වෙත රැගෙන යාමට ඇති හැකියාව, අවශ්‍යතාව පරිදි මුදල් ආපසු රැගෙන යාමේ හැකියාව මෙන්ම ලබාගත් ණය පොලී ආපසු ගෙවීම සඳහා දේශීය මුදල් විදේශීය මුදල් බවට පරිවර්තනය කරගැනීමට ඇති ඉඩකඩ මෙම දර්ශකය මඟින් මැන බැලේ.

2022 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව දැඩි අවදානම් කලාපයක පැවති බැවින්, මෙම නව ඉහළ යාම ආර්ථිකයේ සාධනීය හැරවුම් ලක්ෂයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර ලෝක දේශපාලනික සහ පාරිසරික වශයෙන් එල්ල වූ දැඩි බාහිර කම්පන හමුවේ වුවද, 2026 ජූලි මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ විදේශ විනිමය ගෙවීමේ ධාරිතාව පෙර පැවති 'C+' මට්ටමේම පවත්වා ගැනීමට සමත්ව ඇති බවද අදාළ වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවට මෙම ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ 'දිත්වා' සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය වැනි ප්‍රබල අභියෝගාත්මක සාධක දෙකකට මුහුණ දෙමින් සිටින පසුබිමක බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතය (Institute of International Finance (IIF) ප්‍රකාශයට පත් කළ වාර්තාවලට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාව 'ණය පාරිශුද්ධභාවය' අතින් ඉතා ඉහළ ප්‍රගතියක් සනිටුහන් කර ඇත.

මේ සඳහා ලබාදෙන සමස්ත ලකුණු 50න් ලකුණු 43.67ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙය 2025 වසරේ ලබාගෙන තිබූ ලකුණු 38.33ක මට්ටමට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.

මෙම කැපී පෙනෙන ප්‍රගතිය හේතුවෙන්, 2026 වසරේ ණය පාරිශුද්ධභාවය සහ ආයෝජක විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් ඇගයීමට ලක්කළ සමස්ත රටවල් අතරින් ලොව 4 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ.

S&P යනු ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුළ සමාගම් සහ ස්වෛරී රාජ්‍යයන්හි ණය අවදානම සහ මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීමට ලක්කරන, ලොව ඉහළම පිළිගැනීමක් සහිත 'බිග් ත්‍රී' (Big Three) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් එකක්ය.

මීට අමතරව ඔවුන් ප්‍රමුඛ පෙළේ මූල්‍ය පර්යේෂණ ප්‍රකාශකයෙකු සහ වෙළඳපොළ නිර්මාපකයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads