Type Here to Get Search Results !

වයසක අය ගොඩක් පරිණතයි.. ඒනිසයි විනිසුරු වයස වැඩි කරන්නේ.. - අධිකරණ ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අධිකරණ පද්ධතියේ පවතින දැවැන්ත නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම තීරණය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට පමණක් සීමා නොවන්නක් බවයි.

ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සමස්ත විනිසුරු මඩුල්ලේම විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

"මේ වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක් පමණ ගොඩගැසී තිබෙනවා. දියුණු රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 40ත් 60ත් අතර ප්‍රමාණයක් සිටියත්, ලංකාවේ එම සංඛ්‍යාව 20ක් වැනි ඉතා අඩු මට්ටමක පවතින්නේ. වසර 10-15ක් තිස්සේ විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීමට නිසි පුරෝකථනයක් තිබුණේ නැහැ."

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 1978 වසරෙන් පසු සංශෝධනය වී නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නීතියේ වර්ධනයට සහ නඩු කටයුතු කාර්යක්ෂම කිරීමට පරිණත සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

මෙම පියවර හරහා අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවට විපක්ෂය නගන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

"අපි මේ කරන්නේ එක් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මෙය සමස්ත පද්ධතියේම වෙනසක්. අධිකරණයට අපහාස කිරීමේ නඩු සහ විනිසුරුවරුන්ගේ බදු ප්‍රශ්න සම්බන්ධ නඩු පවා අධිකරණය විසින්ම ස්වාධීනව විභාග කරනවා. ඒ නිසා රජය අධිකරණයට අතපොවන බවට කරන ප්‍රකාශ පදනම් විරහිතයි," යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරුවරුන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය මෙම ප්‍රතිපත්තිමය තීරණය ගත් බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads