සෙනෙහසේ දෙව්දුව..
10:47 AM
0
සෙනෙහසේ දෙව්දුව..
අම්මේ ඔබෙ ගුණ කීමට මා හට
නොමැත වචන මෙ ලොවේ තනා...
කියන්න දහසක්දේ තිබුනත් මට
කියන්න බෑ මට ඔබෙ සෙනෙහසින් දරා...
ලඟට අරන් මාගේ හිස අත ගාන්න අම්මේ ඒ සෙනසුමයි සදා...
නුඹ දුන් කිරිවල නය ඇරවන්නට නොහැකිය මට මේ භවය සරා...
අම්මේ ඔබෙ ලොකු දුවයි මෙමා ලඟ ඉන්නම් නුඹෙ සෙවණැල්ල වෙලා...
ඔබ විඳි දුක් කඳ දනිමි මෙමා නොදෙනෙමි ඔබ හට දුක් සදා...
මා මෙලොවට බිහිකල අම්මේ වඳිනේමි නුඹ හට දෙප නමා....
නිර්මාණය :- එන්.එම්.කේ තක්ෂිලා ( ගින්තොට )


