යුධ බිමේ අමිහිරි මතකය...
5:03 PM
0
යුධ බිමේ අමිහිරි මතකය...
පැහැබර අහස අඳුරු විය
අනෝරා වැසි වැටෙන්නට විය
නිවසේ දොරගුලු වැසෙන්නට විය
තල් අතු අතරින් මා තෙමෙන්නට විය
වෙඩි හඬ තවම මට...
මැවි මැවි ඇසේ
මා දැන් තනිවමය
මව පියා මට නොමැත
තවම මගේ දෙනෙතට මැවෙන්නේ
අවි අමෝරාගත්
සෙබළුන්ගේ බියකරු මුව හැඟුම්ය...
නිර්මාණය :- ඉරේෂා තෝමස්
Tags


