Type Here to Get Search Results !

මංගල චාරිත්‍රවල අප නොදුටු සත්‍ය.


මංගල චාරිත්‍රවල අප නොදුටු සත්‍ය.

* මනාලයගේ දෙපා දෝවනය හා දිය බඳුනට රන් මුදුවක් දැමීම - දෙපාර්ශවය එකිනෙකාට ගැලපෙන හා පැහැදීමක් ඇති ඥාතීන් බව සංකේතවත් කරයි.

* මංගල පෝරුවට මනාලිය නංවන මාමා කෙනෙකු සුදු පිරුවටයෙන් හිස බැඳීම තුලින් - තමාගේ ලේලිය සෑම අතින්ම පාරිශුද්ධ කුලකාන්තාවක බව අඟවයි.

* දෑඟිලි ගැටගසා පැන් වත් කිරීමෙන් - විවාහ දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම හා සශ්‍රීකත්වය.

* අස්ඨක ගාථා කීමෙන් - සාර්ථක විවාහ දිවියක් පැතීම.

* මනාලයා විසින් මාමාට සහ නැන්දම්මාට ත්යාග ලබාදීම - තම අඹුව ලෙස දියණිය දීම වෙනුවෙන් කෘතගුන සැලකීම.

* මනාල යුවලක් පෝරුවෙන් බැස්සවීමත් සමග පොල් ගෙඩියක් දෙපලුවනසේ බිඳීම - පොල්බෑ දෙකම හෝ එක් බෑයක් හෝ උඩු අතට සිටීනම් සාර්ථක යුගදිවියක් හා සශ්‍රීකත්වය ලැබෙන බවට විශ්වාස කරයි.

* මංගල සභාව ඇමතීම - නව යුවලට සාර්ථක යුගදිවියකට දෙපාර්ශවයෙන්ම උපදෙස් ලබාදීමයි.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads