Type Here to Get Search Results !

මියදුනු හිත...


මියදුනු හිත...

බොහෝ කල් සිට
දෙඩූ පෙම් බස්
රැයේ දුටු සිහිනයක් වීලා

අහස් උසකට
තැනු මාළිග
බිද දමා සුණුවිසුණු කරලා

මගේ ළග සිට
හිත හැදු ඔබ
ඉවත ගොස් අද මා දමාලා

ආයේ කිසි දින
නො එන බව දත්
ඔබ හැදු හිත මිය ඇදීලා

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads