Type Here to Get Search Results !

පාරාවළලු බිඳ ජය ගනිමි සරසවි බිම..


පාරාවළලු බිඳ ජය ගනිමි සරසවි බිම..

අපමන දුක් විඳ
උසස්පෙළ නැමති කඩයිම ජයගෙන
සරසවියට පා තැබුවෙ මා
සුවහසක් පැතුම් පොදි බැඳගෙනය
නමුදු ජෙ‍ය්ෂ්ඨ සහෝදරයන්ගේ
රළු පරළු බැනුම් මැද
නවක වදයට මුහුණ දෙනවිට
කුමට මා මේ
සරසවි බිමට පැමිණියේදැයි
නේකවාරයක් මගේ සිත
ඉකි බිඳින්නට විය
නමුදු මගේ දුප්පත් දෙමාපියන්ගේ
එකම සිහිනය වු මා
ඔවුන් ගැන සිහි කරමින්
සියලු පාරාවළලු බිඳ දමා
ඉදිරි මං යාමට
ශක්තියෙන් පිය නගමි සැමදා....

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads