Type Here to Get Search Results !

සුළඟ..


සුළඟ..

ඈත සිට හමාවිත් සෙමෙන් සියොලඟ සිඹින
සිනාසී කෙළිදෙළෙන් ආයෙමත් දුර දුවන
ඉරි තැළුන නිම්කඩට සෙත් පිරිත් පැන් ඉසින
මගෙම හිතමත ඉඳන් කොඳුරමින් කවි කියන...

වියළි ඉරි තැලී අහස් සෙනෙහසින් පිරිමදින
සිහින් පිණි පොද ගෙනත් සුසුමකට පණ පොවන
මල් පිපෙන වසන්තය ඇවිත් මගෙ දොරකඩට
දළු දමයි අතු රිකිලි මල් බරවූ හෙට දිනට...

පෙර අඹර රක්නට දියව වැහැරී පතිත
නිලන නිල් හෙල්මැලිද සිනාසෙයි එළිබරව
සිටිවනම සමාවිත් සදා හිතමත රැඳුන
මගෙ ලඟම දැවටියන් වෙළා නළමුදු සුවඳ...

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads