Type Here to Get Search Results !

සිහින..


සිහින..

සුපුන් සද ඇති රෑක
තරු එළියෙ ඇවිදින්න___
බයක් නෑ කිසිවිටක
මට නුඹේ ළග ඉන්න___
පොද වැස්සේ සීතලට
තුරුල් වී සැනසෙන්න___
මගේ මේ මුළු හිතම
ආදරෙන් පුරවන්න___
නුඹ එක්ක මල් පාරේ
දෑත් පටලන් යන්න___
බලා ඉමි මම තවම
හැමදාම ළග ඉන්න___
ඇසේ නම් සුසුම් හඩ
කොළඹ අහසට ඔන්න___
ඉක්මනින් නුඹ එන්න
මගේ ළග නවතින්න___

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads