Type Here to Get Search Results !

රැවටුනා සිත යළි


රැවටුනා සිත යළි

සිනහ නුවරක නෙත ගැටී
කඳුළු පුරයක අතරමං වී
නුඹෙන් ලැබුවේ ආදරයයැ'යි
රැවටුනා සිත යළි යළී

නොවටිනා හිතකට පිදී
කාන්සියටම හාද වී
කාලයත් ගෙවිලා නොදැන මා
ඒත් හිතටත් වග නැතී

මතක දේදුන්නක නැගී
අමතකව යන්නම දිදී
සෙවන නොදුනා නුඹ අසනි වැසි
මරණ තුරු පෙම් සිතිවිලී

මතු වෙනා තුරු කඳුළැලි
ගිලිහෙනා තුරු හසරැලි
රැඳී ඉන්නට හේතු නෑ දැන්
ඉතිං යන්නම් සමු දෙමි

සමරුවකුදු නොතබම්........

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads