Type Here to Get Search Results !

කඩයක එළදෙනක් එල්ලයි (Photos)


ඕස්ට්‍රේලියාවේ පීට්සා (Pizza) අවන්හලක් තුළ මියගිය කිරි ගවයෙකුගේ ශරීරයක් පසු පස දෙපා වලින් එල්ලා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි අරමුණ වී ඇත්තේ මස් මාංශ අනුභවය පිළිබද පාරිභෝගිකයින් අතර සංවාදයක් ඇති කිරීමයි.
මෙම කිරි ගවයාගේ ශරීරය අවන්හල තුල එල්ලීමේදී (taxidermy) චර්මශිල්පය හෙවත් 'මළ සතුන්ගේ හම් වේළීමේ ශිල්පය' අනුගමනය කර ඇති අතර පුළුන් වැනි යමක් ශරීර අභ්‍යන්තරයේ පුරවා ඇති බවද සදහන්.
කෙසේ නමුත් බොහෝ පාරිභෝගිකයින් පවසන්නේ අවන්හල විසින් ගත් මෙම ක්‍රියාව පිළිකුල් සහගත බවයි.
මෙම සිදුවීම පිළිබදව අදහස් දක්වමින් අවන්හල් කළමනාකාරිත්වය පවසා ඇත්තේ අවන්හල සැරසිලි කිරීමේ අරමුණකින් නොව හිතා මතාම මෙවැනි ක්‍රියාවක් සදහා තම ආයතනය පියවර ගත්තේ කිරි ගවයින් මස් මාංශ සදහා භාවිතා කිරීම පිළිබද පාරිභෝගිකයින් අතර සංවාදයක් ඇති කිරීමට බවයි.
තවද මෙම අවන්හලේ ඇතුළත ගවඝාතකාගාරයක ස්වරුපයක් ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
මෙම ක්‍රියාව පිළිබදව පුද්ගලයින් 4500ක් පමණ පිරිසක් online පෙත්සමක් ගොනු කරමින් සදහන් කර ඇත්තේ මෙම කිරි ගවයාගේ ශරීරය අවන්හලෙන් ඉවත් කරන ලෙසයි.
මෙම අවන්හලේ නිල facebook  පිටුව තුළ ද මෙම ක්‍රියාව පිළිබදව බොහෝ විවේචන එල්ල වී තිබුණා.


Top Post Ad

Below Post Ad

Ads