පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් ශාන්ත නිකොලස් ( නත්තල් සීයා ) තුමාගේ සොහොන්ගෙය සොයාගෙන ඇත.
මෙය සොයාගෙන ඇත්තේ දකුණු තුර්කියේ පල්ලියකින්ය.
ක්‍රි.ව 343 දී ශාන්ත නිකොලස් තුමාගේ මරණයෙන් පසු එම දේහය ඉපැරණි මයිරා නගරයේ පල්ලියක තැන්පත් කරන ලදී.
මෙතුමා තුල වූ පරිත්‍යාගශීලීත්වය හේතුවෙන් ලොව වටා එතුමා ප්‍රචලිත විය. නමුත් මේ වන විට එතුමා වෙළඳ භාන්ඩයක් බවට පත්වී ඇත.




