Type Here to Get Search Results !

චොකලට් කෑවොත් වෙනදේ


චොක්ලට් ආහාරයට ගැනීමෙන් මතකය වැඩිවන බවත් මොළයේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නංවන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

මීට පෙර ද කරන ලද අධ්‍යයනවලින් ද ඒ බව අනාවරණය වූ අතර ඒ අනුව පෙර කරන ලද අධ්‍යයනවල කරුණු මෙම සොයාගැනීමෙන් තවදුරටත් සනාථ වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

චොක්ලට්වල තිබෙන ‘ෆ්ලේවනෝල්’ නැමැති රසායන ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයට එරෙහිව සටන් වදින බව පෙන්වාදෙන පර්යේෂකයෝ චොක්ලට් ආහාරයට ගැනීමෙන් ‘අනිද්‍රාව’ (නින්ද නොමැතිකම නිසා ඇතිවන රෝගී තත්ත්වය) පෙළෙන රෝගීන්ට සහනයක් ගෙන එද බව ද පවසති.
මෙම අධ්‍යයනය මතකය සහ චොක්ලට් නිසා ලැබෙන නින්ද හා සම්බන්ධ පල ප්‍රයෝජන යන්න මුල් කරගනිමින් කරන ලද අධ්‍යයන මාලාවකින් එකකි.



‘ෆ්ලේවනෝල්ස්’ යනු මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන ස්වභාවික සංඝටයක් වන අතර එයින් තවත් ආරක්ෂිත ප්‍රතිඵල ද ලැබේ. මෙම රසායනය කොකෝවා ඇටවල බහුලවම අඩංගු වන්නකි.

ඉතාලියේ ‘ලාඇකිලා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය කර තිබෙන අතර එහි දි මොළයේ සැකැසුම් වේගය, යම් කාර්යයක නිරත වනවිට මතකය, කතාවේ යෙදීමේ ව්‍යක්තබව (දක්ෂතාව) යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

මෙහිදි වැඩිහිටියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම අධ්‍යයනය සිදු කර තිබෙන දෛනිකව ‘ෆ්ලේවනෝල්’ මාත්‍රාවකින් (වේලකින්) වැඩිහිටියන්ගේ මොළයේ සැකැසුම් වේගය, යම් කාර්යයක නිරත වනවිට මතකය, කතාවේ යෙදීමේ ව්‍යක්තබව (දක්ෂතාව) යනාදිය වර්ධනය වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. 



Top Post Ad

Below Post Ad

Ads