Type Here to Get Search Results !

බෙබාලට අසුබ ආරංචියක්.. ඉන්ධන මිල වැඩියි කියා අරක්කු මිලත් වැඩි කරයි.. මෙන්න නව මිල..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, වෙළෙඳපොළේ වැඩිම අලෙවියක් සහිත මිලිලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, එහි බෝතල බාගයක් මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇත.

මීට අමතරව පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.

විදේශීය මත්පැන් වර්ග වන විස්කි සහ බ්‍රැන්ඩි බෝතලයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට ද අදාළ සමාගම් කටයුතු කර ඇත.

මීට මාසයකට පමණ පෙර ද ඇතැම් මත්පැන් වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත්, මෙවර මිල සංශෝධනයේදී බියර් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

මත්පැන් සඳහා මීට පෙර ක්‍රියාත්මක වූ පාලන මිල ක්‍රමය මේ වන විට ක්‍රියාත්මක නොවන බැවින්, පිරිවැයට සාපේක්ෂව මිල තීරණය කිරීමේ බලය නිෂ්පාදන සමාගම් සතු වී තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads