Type Here to Get Search Results !

මම දවස් ගානක් කඳුළු සැලුවා - චන්දිමාල්ගේ සංවේදී කතාව මෙන්න


2018දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායකයා 2019දී නරඹන්නෙකු වෙලා. ඒ වෙන කවුරුත් නෙමේ අපි කවුරුත් හොඳින් දන්නා දිනේෂ් චන්දිමාල්.

ඇත්තටම දිනේෂ් චන්දිමාල්ට මොකද වුණේ. මිලින්ද සිරිවර්ධන වගේ ආසාර්ථක පිතිකරුවෙකු ක්‍රීඩා කරනවා නම් ඇයි හිටපු නායකයෙක් වන චන්දිමාල්ව ලෝක කුසලාන සංචිතයට දාන්න බැරි වුණේ. ඒ වගේම පළපුරුදු ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර කණ්ඩායමට එකතු කරන්න බැරි වුණේ. කවුද මේවට වග කියන්න ඕනේ ඇයි මෙහෙම අපේ ක්‍රිකට්වලට කරන්නේ. එය අපේ අදහස.

2013 වර්ෂයේ අවුරුදු 23ක ලාබලා ක්‍රීඩකයා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වෙනවා විතරක් නෙමේ 2014 විස්සයි විස්ස ලෝක කුසලානයට නායකත්වය දෙන්නෙත් ඔහු. නමුත් ඔහුගේ පිතිහරඹය සාර්ථක වුණේ නැති නිසා ඔහු කණ්ඩායමේ නරඹන්නෙකු වෙලා නායකත්වය ලසිත් මාලිංගට ලැබුණා. වාසනාවට ඔහුට හැකි වුණා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ එක්ක ලෝක කුසලානය අරන් එන්න.

චන්දිමාල්ව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කරන්න තරමට ඔහු ආසාර්ථක ක්‍රීඩකයෙක් නෙවෙයි. එහෙනම් දැන් අවස්ථාව හම්බෙන්න කළින් කුසල් මෙන්ඩිස් මොන තරම් අසාර්ථක ද. එකපාරට දිනේෂ් චන්දිමාල්ව ටෙස්ට් සහ එක්දින නායකත්වයෙන් ඉවත් කරලා කණ්ඩායමෙන් ඉවත් කරලා තේරීම් කමිටුව කියනවා ඔහුට අපි විවේකයක් ලබා දුන්නා කියලා. හැබැයි ඒ විවේකයේ තරම කොච්චරද කියනවා නම් ලෝක කුසලානය ඔහු බලන්නෙත් අපි වගේම රූපවාහිනියෙන්.

මේ සිදු වෙලා තියෙන හැම දෙයක් ගැනම දිනේෂ් චන්දිමාල් එක්තරා මාධ්‍යකට මෙවැනි අදහසක් පළ කරලා තියෙනවා.

" ඇත්තටම මට හිතා ගන්න බැහැ. මට ලොකු පාළුවක් දැනෙනවා. මම දවස් ගානක් කඳුළු සැලුවා. මම උත්සහ කළා මට මෙහෙම වුණේ ඇයි කියලා තේරුම් ගන්න. මම සුපුරුදු දක්ෂතා අතර නැහැ කියලා මාව ඉවත් කළාට කාටවත් මම බනින්නේ නැහැ. මාත් මනුස්සයෙක්. මේ සිදුවීම මට ගොඩක් බලපෑවා. නමුත් මම හිතුවා සටන් කරන්න. මොකද ක්‍රිකට් කියන්නේ මට හැමදේම. මට පුළුවන් උපරිමයෙන් මම රට වෙනුවෙන් කරනවා. මාව ඔහුන් කණ්ඩායමෙන් ඉවත් කළා. නමුත් මට පුළුවන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මම උපරිමයෙන් මහන්සි වෙලා පුහුණු වෙනවා. වෙච්ච හැමදෙයක්ම අවස්ථාවක් හම්බුණ ගමන් මම මගේ පිත්තෙන් උත්තර දෙන්න සුදානම් වෙලා ඉන්නවා. 

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads