Type Here to Get Search Results !

අඩි 30ක් ගැඹුරු කුහරයක සිරවූ අවු.2 දරුවා


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරප්පල්ලි ප්‍රදේශයේ අතහැර දමා ඇති බෝරයකට, දෙහැවිරිහි පිරිමි දරුවකු වැටී එහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

පසුගිය සිකුරාදා දින මෙම දරුවා වැටී ඇති අතර ඔහු නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා දින දෙකකට අධික කාලයක් කුහරය තුළ සිරවී සිටින්නේ ආහාරයක් හෝ නොමැතිවයි.

අඩි 30ක් පමණ ගැඹුරු මෙම කුහරය තුළ සිරවී සිටින දරුවා කුහරය තුළ සිරවී සිටින දරුවා බේරාගැනීම වෙනුවෙන් එරට  ජාතික ආපදා ප්‍රතිචාර බලකාය සහ  රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකාය විසින් උත්සහ ගනිමින් සිටින බවයි වාර්තාවෙන්නේ.

ආපදා නිළධාරීන් පවසන අන්දමට සිරවී සිටින දරුවාට සිලින්ඩරයක් මගින් ඔක්සිජන් වායුව ලබා දෙනවා.

එමෙන්ම එරට ආපදා නිලධාරීන් දිවා රාත්‍රී නොබලා දරුවා බේරාගැනීමට වෙහෙසවෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකරනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads