Type Here to Get Search Results !

ඔබ මොනව කළත් හරියන්නේ නැද්ද? මෙන්න හේතුව


සමහර විට ඔබ අහල ඇති “මම මොනවා කරත් සාර්ථක ප්‍රතිඵලයක් නැහැ” කියලා කියන අය ගැන. මෙහෙම අයගේ කේන්දරවල අපට දැකගති හැකි විශේෂ යෝග වර්ගයක් තියෙනවා. ඒවාට කියන්නේ රේක යෝග කියලා. මෙහි තේරුම සියලු දේ පහකරන යන්නයි. මෙවැනි යෝගයක් කේන්දරයක තිබුණත් එම යෝගය නිර්මාණය කරන ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට පිළිවෙත් ඉටුකර උත්සාහවන්තව නිසි කළමනාකරණයකින් යුතුව වැඩ කිරීමෙන් ජීවන සාර්ථක කර ගන්න පුළුවන්.

රේක යෝග ගැන කතා කරන විට ග්‍රහයන්ගේ අස්ත වීම ගැන දැනුවත් වෙලා සිටින එක ප්‍රයෝජනවත්. රවි ග්‍රහයාට අයත් රශ්මි වළල්ල තුළට ග්‍රහයකු ඇතුළු වී රවිට සහ රවිගේ රශ්මියට ආවරණය වීම අස්ත වීම ලෙස සලකනවා. සාමාන්‍යයෙන් බුධ ග්‍රහයා නිතරම රවිට සමීපව සිටින නිසා බුධ ග්‍රහයා අස්ත වන්නේ නැහැ කියලා තමයි ජ්‍යොතිෂයේදී සලකන්නේ.
ජන්ම පත්‍රයක ලග්නාධිපති ග්‍රහයා දුර්වලව (නීචව හෝ සතුරුව) සිටීම හොඳ නැහැ. එහෙම දුර්වලව ඉන්න කොට අටවැනි ස්ථානයේ අධිපතියාගේ දෘෂ්ටියට ලක්වෙනවා නම් ඉතාමත් අයහපත්. එම කේන්දරයේම රවි ග්‍රහයාගේ රශ්මි වළල්ල තුළ ගුරු ග්‍රහයා සිටිමින් ගුරු අස්ත වෙලා හිටියොත් තත්ත්වය තවත් අයහපත්. මෙම රේක යෝගය කේන්දරයක පිහිටි විට එම කේන්දරයේ තිබෙන අනෙකුත් යහපත් යෝගවල බලය ක්‍රියාත්මක වීමට ලොකු බාධාවක් එල්ල වෙනවා. කේන්දර හිමියාට දිළිඳු බව අගහිඟකම් ඇති විය හැකියි.

ලග්නාධිපති ග්‍රහයා සහ 4 අධිපති ග්‍රහයා යන දෙදෙනාම පාප ග්‍රහයන්. (රවි, කුජ, ශනි, රාහු, කේතු) සමඟ යෝගව සිටියදී, ගුරු ග්‍රහයාගේ හෝ සිකුරු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්නොවී සිටියදී, ගුරු සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනාම අස්ත වී සිටීමටද රේක යෝගයක් නිර්මාණය වෙනවා.
කේන්දරයක ග්‍රහයන් තිදෙනකුම නීචව හෝ අස්තව සිටියදී ලග්නාධිපති ග්‍රහයාද, 6, 8, 12 ස්ථානයක දුර්වලව සිටීමෙන්ද රේක යෝගයක් නිර්මාණය වෙනවා.

මෙවැනි යෝගයක් ඔබගේ ජන්ම පත්‍රයේ පිහිටා ඇතිදැයි යන කරුණ ඉතා ප්‍රවේශමෙන් සොයා බලන්න. මෙලෙස යෝගයක් තිබෙනවා නම් එම යෝගය නිර්මාණය කිරීමට සහභාගි වන ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට අදාළ පිළිවෙත් ඉටු කිරීමෙන් මෙම යෝගයේ අයහපත මඟහරවා ගෙන සාර්ථක ජීවිත ගතකිරීමට හැකි වේවි.

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads