Sesbania grandiflora යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කතුරුමුරුංගා රනිල කුලයට අයත් භෝගයකි. සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හටගන්නා ලෙස කතුරුමුරුංගා වර්ග 3කි. කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් ‘ඒ’, ප්‍රෝටීන්, විටමින් ‘බී’, විටමින් ‘සී’ හා තන්තු යහමින් අඩංගු වේ.
ශිව දෙවියන් පිදීමට භාවිත කරන හෙයින් ‘මුනිප්‍රිය’ නමින්ද, සුදු පැහැති විශාල මලක් පිපෙන හෙයින් ‘ස්ථුල පුෂ්ප’ නමින්ද, මල විශාල අර්ධ වක්‍රාකාර නිසා ‘වක්‍ර පුෂ්ප’ ලෙසද, ආයුර්වේදය තුළ සඳහන් වේ. නිගණ්ඩු ග්‍රන්ථවල අගස්ථි ඍෂිවරයා වියපත් වීම ප්‍රමාද කෙරෙන ඔසුවක් කතුරුමුරුංගාවලින් සැකසූ බව සටහන්ය. එතුමාට ගෞරවයක් පරිදි ‘අගස්ථි’ යන සංස්කෘත භාෂා නාමයද කතුරුමුරුංගා හැඳීන්වීමට යොදාගනී.
වා, පිත්, සෙම් තුන්දෝෂ සමන හැකියාව නිසා ආයුර්වේදය තුළ කතුරුමුරුංගා සුවිශේෂී වේ. සෙම් රෝග සමනය, රුධිර නාළ හා රුධිර ගමන යහපත් කරවීම, ගර්භණී මාතාවන්ගේ දරු කළලයේ ස්නායු පද්ධතියේ ප්‍රකෘතිමත් බව පවත්වා ගැනීම, කතුරුමුරුංගා ආහාරයට ගැනීමේ විශේෂ වාසිවේ. කතුරුමුරුංගා පොතු, කැසීම්, චර්ම රෝග සමනයටත්, උදරාබාධ සඳහාත් භාවිත කෙරේ.
කතුරුමුරුංගා වැවීමට උෂ්ණත්වය ඉහළ දේශගුණ තත්ත්වය වඩාත් හිතකරය. සිසිල් දේශගුණ තත්ත්ව යටතේ වගාව තරමක් අපහසුය. ජීව්‍යතාවය ඇති කහ වූ විගස කරල් රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගත යුතුවේ. කහ වී කල්ගත වත්ම ජීව්‍යතාවය දුර්වල හා ප්‍රරෝහණ ශක්තිය අඩු බීජ ලැබේ. ‘හරිත’ වර්ගය දඬු කැබලි මඟින් ප්‍රචාරණය කෙරේ. ක්ෂේත්‍ර ස්ථාපනයට 45cm x 45cm x 45cm වළද, 2m x 2m පරතරයද සුදුසුය. සුළඟට කැඩෙන බව හා සෙවණ ප්‍රිය බව සලකා ස්ථාපනය හා නඩත්තුව වැදගත්ය.
කතුරුමුරුංගා මල්වල විෂ නාශක හා පිළිකා නාශක ගුණය පවතී. පැහැපත් කිරීමේ ස්වභාවයද, අජීර්ණ රෝගීන්ට ගුණවීම, කාන්තා ශ්වේත ප්‍රධර, උණ හා ඇඟපත වේදනාවලට ගුණදායක වීමද, කැස්ස, පීනස, සෙම් රෝග පාලනයටද කතුරුමුරුංගා මල් ගුණදායක වේ. කතුරුමුරුංගා කොළ සර්ප විෂ වේදනාවට, සර්ප වෙදකමේද, ඇල්දියෙන් අඹරා හන්දි වේදනාවටද, අක්ෂි රෝගවලටද, උගුර ගොරහැඩි වීමටද, සෙම්ප්‍රතිශ්‍යාවටද අනර්ඝ ඔසුවකි. සිටුවා මාස 8කදී කොළ අස්වනුද මාස 12කදී මල් අස්වනුද නෙලාගත හැකිය. වරින්වර කප්පාදුව වැදගත් නඩත්තුවකි.