Type Here to Get Search Results !

දේශපාලන පෙරළියක් කරන්න මුතුගල සර් ඇත්තටම වයඹ මහ ඇමති පුටුවට එනවද? මුතුගල සර්ම කට අරියි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මේ දවස්වල හැමෝම කතාවුණ පුවතක් තමා මුතුගල සර් දේශපාලනයට එනවද කියන එක ඉතිං වයඹින් මහ ඇමති පුටුවට ඔහු තරග කරනවා කියන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් රටම කළඹපු පුවතක් බවට පත් වුණා .

ඉතිං හැමෝම මේ කතාවේ ඇත්ත නැත්ත ගොඩ දෙනෙක් හෙව්වා

මුතුගල සර් youtube නාලිකාවක් හා සම්බන්ද වෙමින් ඇත්තටම සදහන් කළේ මෙවන් අදහසක්

''මම හරියටම කොහොමද මේක වුණේ කියලා දන්නේ නෑ . මට බලය ලබාගන්න විශේෂ වුවමනාවක් නෑ .මම ගුරුවරයෙක් විදිහට එන්න පුළුවන් ගමන ආවා . සාමාජෙට මම උදව් කළා . ඒවගේම උදව් කරමින් ඉන්නවා . තව ඉස්සරහටත් කරනවා මම නොමැරි හිටියොත් එතනින් එහාට මට විශේෂ බලාපොරොත්තු නෑ . හැබැ‍යි එකක් මම හැමදාම කිව්වා දෙශපාලනයට එන්නේ නැහැ කියලා .නමුත් මම හැමදාම කියනවා අපි මිනිස්සුන්ට හා රටට ආදරේනම් යම් තැනකදී අපේ සේවය අවශ්‍යනම් දේශපාලකයෙක් විදිහට වේවා ගුරුවරයෙක් විදිහට වේවා ක්‍රමය අදාළ නෑ අපේ සේවය පුළුවන් විදිහට අපි දිය යුතුයි .

මට සමාජයට යම් අවස්ථාවක් ආවොත් දෙපාරක් හිතන්නේ නෑ .තමන්ට ආභරණයක් විදිහට ගන්න ඕනේ දෙයක් නෙමේ බලය කියන්නේ . බලය ඇත්තටම ගන්න ඕනේ තමන්ට යමක් කරන්න පුළුවන්නම් විතරයි .තමන්ව හයිලයිට් කරන දෙයක් නෙමේ . එහෙම බලය ගත්තත් ඒක රැදෙන් නෑ .

මිනිස්සුන්ට සේවයක් කරන්න මගේ ආභරණයක් වෙනුවෙන් නෙමේනම් මහ ඇමති නෙමේ ඕන දෙයක් පැළ කරගන්න පුළුවන් . අවශ්‍යතාවය අනුව උදව් කරන්න මොන පදවියද දරන්න ඕනේ මම සූදානම් .

මම කියන්නේ අදාළ පළාතට හෝ රටට මිනිස්සු බලාපොරොත්තු වන දේ ඉෂ්ඨ වෙන්නෙ නැත්නම් . ඒ වෙනුවෙන් පෙනී ඉන්න මම සූදානම් .කෙටියෙන්ම කිවුවොත් කවුරුත් කී පමණින් එන්නේද නැත කවුරුත් කී පමණින් නොඑන්නේද නැත ''

යනුවෙන් මුතුගල සර් පැවති youtube සංවාදයක සදහන් කර තිබේ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads