සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ මහතා ඉල්ලා අස්වීමේ ලේඛනය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වේ.
අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ ධුරයෙන් සමුගෙන ඒ මහතා නැවතත් විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එක්වීමට නියමිත බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ භාපති තනතුර සඳහා පත් කරනු ලැබුවේ 2024 වසරේ අවසාන භාගයේදීය.


