Type Here to Get Search Results !

කොරෝනා රෝගීන් 430 කොරියාවේ


මාරාන්තික කොවිඩ් 19 වෛරසය දකුණු කොරියාවේත් ව්‍යාප්තිය ආරම්භ වී ඇති අතර මේ වන විට වෛරසය ආසාදනය වුවන් 430ක් හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. 

මේ හේතුවෙන් දකුණු කොරියාව තුළ හදිසි තත්ත්වයක් නිවේදනය කර ඇත.

දකුණු කොරියාව මුහුණ දී සිටින වත්මන් තත්ත්වයත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ වෛරසය ව්‍යාප්තිය සඳහා වූ අවස්ථාව පටු වෙමින් තිබෙන බවයි. 

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව සියලුම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන අතර විදෙස් වාර්තා පෙන්වාදෙන අන්දමට වැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඩේගු නගරය වෙතය. චියොන්ඩු නගරයටද මෙම වෛරසයේ බලපෑම් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වෙයි. 

මේ වන විටත් ඩේගු හි ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයේ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා පරිවර්තනය වෙමින් තිබෙන අතර 200ක පමණ පිරිසක එම වෛද්‍ය මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. 

පසුගිය ජනවාරි 03 වැනිදා සිට මෙම මාරාන්තික වෛරසය පදනම කරගෙන පුද්ගලයන් 16,400ක් පරික්ෂාවට ලක්කර තිබෙන අතර ඉන් 13016 කගේ පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ට වෛරසය අසාදනය වී නොමැති බව තහවුරු කර ගෙන ඇත. 

මේ අතර සම්පූර්ණයෙන් සුවය ලැබූ 17 දෙනෙකු ප්‍රතිකාර ලබා නිදහස් කර තිබෙන බවද සඳහන්. 

කෙසේවෙතත් මෙම කොවිඩ් 19 වෛරසය හේතුවේ කොරියාවෙන් වාර්තා වන්නේ එක් මරණයක් පමණි.

මේ අනුව නිරෝධායන වැඩපිළිවෙල වේගවත් කර තිබෙන අතර අවධානම් කලාපයේ සිටින ජනතාවට විශේෂ උපදෙස් දෙමින් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන තිබේ. 

ඩේගු නගරය තුළ ශීත සෘතුවේ පාසැල නිවාඩුව ද වෛරසය හේතුවෙන් දීර්ඝ කර තිබෙන අතර පෙර පාසල්  වැනි කුඩා දරුවන් සහභාගී වන අධ්‍යාපන මධ්‍යස්ථානද සියල්ලම පාහේ වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

එමෙන්ම වැඩිහිටි සුභසාධන මධ්‍යස්ථානද විශේෂ අධීක්ෂණයකට ලක්වෙමින් පවතින බව සඳහන්. 

මේ වන විට කොවිඩ් 19 මාරාන්තික වෛරසය හේතුවෙන් චීනයේ පමණක් මිය ගිය සංඛ්‍යාව 2345ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසන  අතර ආසාදිතයින් 76,288 වාර්තා වී තිබේ. 

පසුගිය සිකුරාදා දින වෛරසය ආසාදනය වීමෙන් චීනයේ 109ක් මිය ගොස් ඇත. 

මෙම වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 2360ක් ලෙසය. 

කෙසේවෙතත් දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන හෙයින් චීනයෙන් එපිට රටවල් දැන් මහත් සේ කැළඹීමට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads