Type Here to Get Search Results !

දිනපතා නෑම ශරීරයට හොදද? නැද්ද?


දිනපතා නාලා පිරිසිදුව ඉන්න කියලනේ කවුරුත් කියන්නේ. එමගින් ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වන බවයි බොහෝදෙනාගේ මතය වන්නේ. හැබැයි මේ ගැන ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ, දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස්‌ පැලීම් සිදු වන බවත්, ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බවයි. එමෙන්ම ඇය පවසන්නේ, දිනපතා නෑමෙන් සිදු වන්නේ සිරුරේ දුර්ගන්ධය ඉවත් වීම පමණක් බවයි.

ඇයගේ එම මතයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා එක්‌සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී. කියන්නේ, නිරතුරුව සම සේදීමට ලක්‌ කිරීමෙන් සමෙහි අඩංගු ස්‌වභාවික තෙල් ඉවත්කරන අතර එහිදී ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට හිතකර බැක්‌ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයටද එය බලපෑම් එල්ල කරන බවයි.

ඒ වගේම ඔබ සබන් භාවිතයේදීත් ඔබේ සමට සුමුදු PH අඩු සබන් වර්ගයක් යොදාගන්න. මොකද සබන් වලින් ද ඔබේ සම වියළීමට ලක් කරනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads