පසුගියදා රටේ කා අතරත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායකගෙ හඬපට කතාව ගැන. තවමත් ඒ හඬපට කතාවට අවසානයක් නැහැ. කලා ක්‍ෂේත්‍රයේ හීරෝ කෙනකුට අත්වුණු ඒ ඉරණම ගැන සමහරු සතුටු වෙන කොට කලා ක්‍ෂේත්‍රයේ අංකුර අපට ඒ හඬපට සිද්ධිය ගැන මෙහෙම කතා ටිකක් පැවැසුවා.
පෞද්ගලික දේවල් අපට මොකටද?
වොල්ගා කල්පනී
අනවශ්‍ය දෙයක් ගැන කතා කළේ අපිට කාගේවත් පෞද්ගලික ජීවිත ගැන වැඩක් නැහැ. ටිනා, ජානකි අක්කා මොන දේ කතා කළත් ඒක එයාලගේ පෞද්ගලික දෙයක්. නැතුව මේ රටේ කාගෙවත් සල්ලි හොරකම් කරන්න දෙයක් ගැන කතා කළේ නැහැ. අනෙකුත් අය මොන ක්‍ෂේත්‍රයක නියැළී කටයුතු කළත් අපිට ඔවුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නැහැ.
අනුන්ගේ දේවල් අපට වැඩක් නැහැ
අයේෂා මධුෂානි
මේ දවස්වල හඬපට හැමෝම කතා කරන මාතෘකාවක් වෙලා තවමත්. ඔය වුණු කිසිවක් කිසිම කෙනෙක් ඇහින් දැකලා නැහැ. කටකතා හරහා හඬපට තවත් රැව්දෙනවා. පැතිරෙන දේවල් ඇස් දෙකින් දකින තුරු විශ්වාස කරන්න එපා. කාගේවත් පෞද්ගලික ජීවිතයක් අපට අදාළ නැහැ. හඬපට හරහා සමාජයට හොඳ පාඩමක් කියලා දුන්නා. අනවශ්‍ය කතා ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා. තමන්ගේ පාඩුවේ ඉන්න. කාටවත් විවේචන කළාට පලක් නැහැ. හැබැයි අසාධාරණයට කතා කරන්න. මම කිසිම දාක බයත් නැහැ. මොකද මම පාඩුවේ ඉන්න කෙනෙක්. මට වැඩක් නැහැ තව කෙනෙක්ගේ දේවල්.
මට දුකක් නැහැ සතුටකුත් නැහැ
හිමායා බණ්ඩාර
මට ඒ ගැන කියන්න කිසිම අදහසක් නැහැ. මම කිසිම කෙනෙක් විවේචන කරන්න යන්නේ නැහැ. කිසිම මොහොතක රන්ජන් සමඟ මගේ කිසිම දැනහැඳුනුම්කමක් නැහැ. ඔහුට වුණු දෙය ගැන මට දුකක්වත්, කිසිම සතුටක්වත් නැහැ. එය සාමාන්‍ය සිදුවීමක් පමණයි. හෙට අපිට මොනවා අසන්නට ලැබේවිද කියලා අපි කවුද දන්නේ. මේ රටේ වෙන දේවල් හැටියට.
එහෙම රෙකෝඞ් කරපු එක වැරැදියි
නුවන්දිකා සිරිවර්ධන
ඒ හඬපට හරහා පැතුරුණේ පෞද්ගලික දේවල්. පෞද්ගලික ජීවිතයයි. රාජකාරි ජීවිතයයි දෙවිදියක්. එය හැසිරවීම වෙනස්. හැමෝටම එකම විදියට සලකන්න බැහැ. එහෙම තව කෙනෙක් දැනුවත් නොකර රෙකෝඞ් කරන එක වැරැදියි. එහෙම දෙයක් ඔහුගේ ආරක්‍ෂාව භාවිත කරනව නම් අදාළ කෙනාව දැනුවත් කිරීම වැදගත්. අපි නොහිතපු දේවල් නොහිතපු පුද්ගලයන් ඒ හඬපට හරහා එළියට ආවා. ඔහු දුරකතන සංවාද රෙකෝඞ් කළේ රටේ දියුණුව වෙනුවෙන් නම් කලින්ම ඔයා ඇයි ඒ දේවල් එළියට දැම්මේ නැත්තේ.