Type Here to Get Search Results !

නාවික හමුදා නිලධාරියෙක් වැලිසර රෝහලේ දී මියයි - හේතුව මෙන්න


වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.
advertisement
මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබෙනවා. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැලදී ඇතිබවයි.
කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් තිබෙනවා.
මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ.
1984 වර්ෂයේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙක් බවයි නාවික හමුදාව පැවසුවේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads