Type Here to Get Search Results !

ජනපතිට කොරෝනා යැයි විහිළු කල ගුරුවරියට වුනු දේ?


ජනාධිපතිවරයාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා මෝඩයාගේ දිනය සමගින් විහිළුවක් තම ෆේස් බුක් ගිණුමට එක් කළ දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා වෙත ඉදිරිපත් කළා.
ඒ අනුව ඇය අද (06) රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
දිලිනි මීවැව නැමති ඇය නර්තන ගුරුවරියකද වන අතර ආබාධිතයින් සඳහා උගන්වන නර්තන සංගමයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.
වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය අප්‍රේල් 01 වනදා ‘Gotabhaya has tested positive for covid 19… Sad…’ යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබුණා.
ජනාධිපතිවරයාට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads