Type Here to Get Search Results !

සහරාන්ගේ තවත් කඳවුරක් වසරකට පසු සොයා ගනී


පාස්කු ප‍්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කඳවුරක් මූතූර් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
ඒ, ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදීයි.
මෙම සැකකරු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ ප‍්‍රධාන චූදිතයෙක්ද වනවා. ඔහු 2014 දී තුර්කිය හරහා සිරියාවට ගොස් IS පුහුණුව ලබා ඇති බවයි විමර්ශනවලදී හෙළි වි ඇත්තේ.
advertisement
අක්කර 15 ක භූමි භාගයක ගොවිපොළක් ලෙස ඉතා රහසිගතව මෙම කඳවුර පවත්වාගෙන ගොස් ඇති අතර අදාළ ඉඩම මාවනැල්ල ප‍්‍රදේශයේ පූජකයෙකුට අයත් බව හෙළි වී තිබෙනවා.
මෙම කඳවුරේදී මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණයන් 5 දෙනෙකු අවි පුහුණුව ලබා ඇතැයි සඳහන්. ඔවුන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් දීර්ඝ ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙමින් පවතිනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads