Type Here to Get Search Results !

ඊයේ හමුවූ කොරෝනා රෝගීන් ගේ තොරතුරු මෙන්න


ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනා ගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
යුධ හමුදාපතිවරයා සඳහන් කළේ මෙලෙස වාර්තා වූ නාවික හමුදා නිලධාරින් ගෙන් 16 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරු තුලින්ද 37 දෙනෙක් පිටතදී ද හමුව ඇති බවයි.
advertisement
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, රත්නපුර, අම්පාර, වව්නියාව, ත්‍රිකුණාමලය, මාතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින්ද කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.
නාවික හමුදාවේ කොරෝනා ආසාධිත වූ නිලධාරින් සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙක්ට ද කොරෝනා රෝගය ආසාධනය වී ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads